ඉස්සෙල්ලාම මං ඔබෙන් පුංච් ප‍්‍රශ්නයක් අහන්නම්. අකුරු හතරක්
ඇතුලේ හැංගුන පුංච්ම පුංච් ලෝකයක් තියෙනවා. විවිධ පාට වලින් අකුරු වලින් සුවඳ
වලින් මේ ලෝකය පිරිලා. දුප්පත් පොහොසත්
බාල මහළු ලස්සන කැත කිසිම දෙයක් මෙතනදී බාධාවක් වෙන්නේ නෑ.
දැන් හිතෙනවද මේ මොකක්ද කියලා. ඒ තමයි... ආදරය. කිසිම සීමා මායිමක් දකින්නේ නැති ව දැනෙන්නේ නැති ව ගෙවී
යන මේ කාලය හරිම සුන්දරයි. ඒ නිසානේ ආදරය සුන්දර වරදකි-කිසිදා සමාවක් නැති කියලා
කියන්නේ. ඒ විතරක් නෙමේයි,
පේ‍්‍රමය ලොව හැම තැන ම ඇති
හැම දෙනටම හමු වෙලා ඇති
එනමුදු
පේ‍්‍රමය කිමැයි කියා
හදුනා ගත් කිසි කෙනෙක් නැති
කියලා ගීතයක් ඔබ අහලා ඇති. එයිනුත් කියන්නේ ආදරය ගැන නොදන්න කෙනෙක්
මේ ලෝකෙම නෑ කියලා. කවුරු ම හරි මම නම් තාම ආදරය කරලා නෑ කිව්වොත් ඒක අනිවාර්යෙන්
ම ලොකු ම ලොකු බොරුවක් වෙනවා. ඒ කොහොම වුණත් ආදරය කියන්නේ පේ‍්‍රමය විතරක් නම් නෙමේයි. ආදරය ඇතුලේ
විවිධකාර නම් වලින් ආදරයන් තියෙනවා. ඒ කියන්නේ මවක් හා දරුවෙක් අතර ආදරය, සහෝදර
සහෝදරියන්ගේ ආදරය, අසල්වැසියන්ගේ ආදරය මේ හැම
දෙයක්ම තවත් කෙනෙක් වෙනුවෙන් නිර්ලෝභි ව
කරන ලෙන්ගතු පරිත්‍යාගයක් තමා ආදරය. හ්ම්ම්...දැන් ආයෙත් එන්නම්කෝ පේ‍්‍රමයට. එතනදි නම් ආදරය කියන්නේ බරපතල තීරණයක්.
ඒ මොකද දන්නවද දිර්ඝ කාලයක් අපේ ජීවිතේ කොටස් කරුවා නැතිනම් කොටස් කාරිය මෙයින් තීරණය කරන
නිසා.
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට යමු
සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ
ගමනත් අපි එකට යමු
කියලා වැඬේ පටන් ගත්තට පහු පහු වෙනකොට කොහු කොහු වෙලා යන්නේ ඒ
තීරණය වැරදුනාම තමයි. ආදරයයි කැස්සයි හංගන්න බෑ වගේ ම ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගසක දුරත් බව මේ වගේ තීරණ ගන්න වේලාවට චුට්ටක් මතක් කළොත් අනාගතේදී ගොඩාක් ප‍්‍රයොජනවත් වෙයි.

No comments:
Post a Comment