Saturday, February 3, 2018

මොණර,හංස තුඩු ළඟ......




රටාවට හැඩ දමපු 
අපුරු ඉතිහාස කතා 
ඔච්චමින් සරදමින් පහර දී බිම දමා
එක්තරා ගැහැණියක ................... නම් කළා 
ලොව පැරණි වෘත්තියලු කියා ඈ කොන් කළා 
වැළලිලා නුඹ අද ඉතිහාස පාඩමේ 
ඉන්නෙපා නුඹ ලොවට වැරදි වෙයි හැමදිනේ 
වහා වහා මතුව විත් ගෙන්දගම් පොළෝ තුඩ 
හඬගසන් සාපලත් හදවතින් 
අවදි වී තැලී පොඩිවුණ ආත්මයෙන් 
දෑස් හැර බලපාන් 
ගැහැණු නොව හැඩ දැඩි පිරිමිකම
මොණර,හංස තුඩු ළඟ 
නමක් නැති නුබේ ඔය වෘත්තියම කරන රඟ බලාපන්
ගෙන්දගම් පොළොව උඩ එළිපිටම රඟන රඟ බලාපන් 

No comments:

Post a Comment

මොණර,හංස තුඩු ළඟ......

රටාවට හැඩ දමපු  අපුරු ඉතිහාස කතා  ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා  ලොව පැරණි වෘත්...