Monday, May 29, 2017


ගසක් 
කතා 
කරයි








මා දන්නවා
නුඹට
මතක නැති වග
අප තියා
නුඹ කවුරුන් ද වග
තියෙන මේ වැඩ කන්දරාවට
ආ...
කමක් නෑ එයට
රකින්නට යැයි කියා අප සැම
කරන ලොකු වැඩ
නැතුවට
තරහා නෑ මම
හැකිවේද දන්නේ නෑ
ඉඩක් දෙන්නට
අපට
පාඩුවේ ඉන්නට

Sunday, May 28, 2017


`ගවා ගත් ගුරුසිත

වසිවි ද අමුතු වැස්සක්
දෙගොඩ තලායමින්
සෝදා හරින්නට
පවිටු සිත්
දුටුව මුත්
නොදුටුව මෙන්
වරද නිවරද නොකරමින්
කෙසේ ඉන්න ද ඉතින්
කිරිගැහී
ඉකිබි`ද හ`ඩන
සිතට තරවටු කර
`ගවා ගති ගුරුසිත
බියෙන්

මුළු ලෝකයට

සොදුරු ගාන්ධාර්වයාණෙනි!

තිරිසන් සතුන් සම`ග සැසදීමේදී මිනිසා මනසින් උසස්ය. මිනිසාට එම නාමය අන්වර්ථ වන්නේ එනිසා ය. නමුත් දියෙන් කිරි වෙන්කරගැනීමේ නුවණක් තිරිසන් සතෙකු වන හංසයාට ඇත. හංසයා තම ශක්තියෙන් එසේ කළ ද මිනිසාට එවන් තීරණ ගැනීමට බුද්ධිය අවශ්‍ය වේ. නුතනයේ ඇති ගීත අතරින් උසස් ගීත ලබාගැනීම සහ රසවිදිම බුද්ධියෙන් සහ උසස් රසවින්දනයෙන් යුක්තව සිදුකළ යුත්තකි. එවන් ගීතයන්ට ආදරය කරන්න. නුතනයේ යාන්ත‍්‍රික වු ලෝකයෙන් මදකට හෝ මිදිමට ඉන් හැකියාව ලැබෙනු ඇත. සංගීතය විශ්ව භාෂාවකි. කිසිදු අර්ථයක් නොදන්න මුත් වින්දනය ලබාදීමට ගීතයට හැකි ය. දෑස් අන්ධවුවන්ට දෑස් දෙන්නට ගොළු වු හදවත්වලට වචන දෙන්නට ගීතයට හැකි ය. එය විශ්මිත ප‍්‍රතිකර්මයකි. නුතන ලෝකය සිඝ‍්‍රයෙන් කාර්මිකරණයට වානිජකරණයට ලක්ව ඇත. සියලූ දෙනා ජීවිත පැවැත්ම උදෙසා අරගලයක නිරත වේ. ඇතැම් විට එම තර`යට නැවතුමක් නැත. තෘප්තිමත් වීමක් නැත. ශේෂ වී ඇත්තේ දුක,කළකිරිම මෙන්ම   නොසංන්සිදුන ආශාවන් පමණක්ම වනු ඇත. ජීවිතය විදවන්නට නොව විදිමට ඇත්තකි. තර`කාරී ලෝකය අභියස සියල්ලන් විදවන්නන් වී ඇත. එහෙත් එය කිසිවෙකු නොදන්නේ ය. ඇතැම්විට දැන සිටියද නොදන්නවුන් මෙන් කටයුතු කිරිමට සිදුව ඇත. එය මායාවක් මෙන් මිනිසා වටා පැතිර ඇත. ඝෝෂාකාරී ලෝකයක සිටින බැවින් විනෝදය, නිදහස ලිහිල්වීම භූක්තිවිදීමට ගීතයන් රසවිදිනු ලබයි. එහිදී ඔබ අසන ගීතය ඔබගේ මනස තවදුරටත් වෙහෙසවන්නේ නම්  ප‍්‍රචණ්ඩ හැගිම් ඇති කෙරේ නම් එවන් ගීත කලාවකින් ඇති ඵලය කුමට? අවසානයේ ඔබ රෝගීයකු වනු ඇත. නමුත් සුභාවිත ගීතය ඔබගේ ආයුෂය වර්ධනය කරනු ඇත. සුභාවිත ගීත කෙසේ සොයාගන්නේදැයි ඔබට ගැටලූවක් ඇතිවනු ඇත. දෙයක් ලැබිමට සෙවිය යුතුය. සෙවිමෙන් වෙහෙසිමෙන් ඔබ ලබන දෙය අගයෙන්ද වැඩිය. නුතන තාක්ෂණයේ දියුණු බැවින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ද මෙහිදී හැකි ය. අන්තර්ජාලය පරිශිලනයෙන් මනස සුවපත් කරන අර්ථවත් ගීත රැස්කරගත හැකි ය. ඔබ ඇසුරු කරන ගීත කලාව කාලයාගේ ඈවැමෙන් ඔබගේ චරිත ලක්ෂණ නිර්මාණය කෙරේ. ඔබ සරල  අර්ථවත් ගීත අසනවිටදී මනස නිරවුල් වන්නා සේම ඝෝෂකාරී ගීත ශ‍්‍රවණයෙන් දැඩි අර්බුදකාරී මනසක් නිර්මාණය වේ. නුතන තරුණ පරපුර සේම බහුතර ජනයා අතර අනවශ්‍යය තර`ගකාරී බවක්  කලබලකාරීබවක් සකස්ව ඇතැයි මතයක්ද ඇත. මිනිසුන් කල්ප ගණනක් ජීවත් වන්නේ නැත. අපට ජීවත් වීමට ඇත්තේ අල්ප කාලයකි. නිරවුල්  පිවිතුරු මනසක් ඇති ව ජීවත්වීමෙන් ජීවිතයට අර්ථයක් දිය හැකි ය. උසස් ගීත කලාවක් රටකට අවශ්‍යය වන්නේ එබැවිනි. යන්ත‍්‍රයක් වුව ද දිර්ඝ කාලයක් වේගයෙන් ක්‍රියාත්මක වීමෙන් ඉක්මනින් විනාශ වේ. මිනිස් සිරුරද මීට සාම්‍ය වේ. ජීවිත පැවැත්මට යම් විවේකයක් අවශ්‍යය වන්නේ එබැවිනි. යහපත් ගීත රසවින්දනයෙන් මනස නිරවුල් වීම මෙන් ම පොදුවේ සමස්ථ සමාජයේ ඇති කලබලකාරීබවින් මිදිමට යම් රුකුලක් ලැබෙනු ඇත. ඇතැම්විට එයට දිර්ඝ කාලයක් ගතවීමටද පුළුවන. නමුත් සුවිශාල වාසි රැසක් අත්වනු ඇත. එබැවින් උසස් රසවින්දනයක් සහිත ගීතයන්ට ආදරය කරන්න. එවන් ගීත තම ජීවිතයන්ට සමීප කරගැනීමෙන් මානසික සුවය සැලසෙනු ඇත. 

පසුගියදා මෙලොවින් නික්මගිය පණ්ඩිත් අමරදේවයන්ගේශ‍්‍රී නාමයට ද එතුමාගේ උසස් ගීත නිර්මාණයන්ටද උපහාරයක් ලෙසින් මෙම ලිපිය සැකසේ. සො`දුරු ගාන්ධාර්වයාණෙනි! ඔබ සදාකල්හි අප හදවත්හි අමරණීය වනු ඇත.

මෙන්න, ලොව ඇති අරුම පුදුම අකුරු හතර

ඉස්සෙල්ලාම මං ඔබෙන් පුංච් ප‍්‍රශ්නයක් අහන්නම්. අකුරු හතරක් ඇතුලේ හැංගුන පුංච්ම පුංච් ලෝකයක් තියෙනවා. විවිධ පාට වලින් අකුරු වලින් සුවඳ වලින්  මේ ලෝකය පිරිලා. දුප්පත් පොහොසත් බාල මහළු ලස්සන කැත කිසිම දෙයක් මෙතනදී බාධාවක් වෙන්නේ නෑ. 
දැන් හිතෙනවද මේ මොකක්ද කියලා. ඒ තමයි... ආදරය. කිසිම සීමා මායිමක් දකින්නේ නැති ව දැනෙන්නේ නැති ව ගෙවී යන මේ කාලය හරිම සුන්දරයි. ඒ නිසානේ ආදරය සුන්දර වරදකි-කිසිදා සමාවක් නැති කියලා කියන්නේ. ඒ විතරක් නෙමේයි, 
පේ‍්‍රමය ලොව හැම තැන ම ඇති
හැම දෙනටම හමු වෙලා ඇති 
එනමුදු පේ‍්‍රමය කිමැයි කියා 
හදුනා ගත් කිසි කෙනෙක් නැති 
කියලා ගීතයක් ඔබ අහලා ඇති. එයිනුත් කියන්නේ ආදරය ගැන නොදන්න  කෙනෙක් මේ ලෝකෙම නෑ කියලා. කවුරු ම හරි මම නම් තාම ආදරය කරලා නෑ කිව්වොත් ඒක අනිවාර්යෙන් ම ලොකු ම ලොකු බොරුවක් වෙනවා. ඒ කොහොම වුණත් ආදරය කියන්නේ පේ‍්‍රමය විතරක් නම් නෙමේයි. ආදරය ඇතුලේ විවිධකාර නම් වලින් ආදරයන් තියෙනවා. ඒ කියන්නේ මවක් හා දරුවෙක් අතර ආදරය, සහෝදර සහෝදරියන්ගේ ආදරය, අසල්වැසියන්ගේ ආදරය මේ හැම දෙයක්ම තවත් කෙනෙක් වෙනුවෙන් නිර්ලෝභි ව
කරන ලෙන්ගතු පරිත්‍යාගයක් තමා ආදරය. හ්ම්ම්...දැන් ආයෙත් එන්නම්කෝ පේ‍්‍රමයට. එතනදි නම් ආදරය කියන්නේ බරපතල තීරණයක්.



ඒ මොකද දන්නවද දිර්ඝ කාලයක් අපේ ජීවිතේ කොටස් කරුවා නැතිනම් කොටස් කාරිය මෙයින් තීරණය කරන නිසා. 
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට යමු 
සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු 

කියලා වැඬේ පටන් ගත්තට පහු පහු වෙනකොට කොහු කොහු වෙලා යන්නේ ඒ තීරණය වැරදුනාම තමයි. ආදරයයි කැස්සයි හංගන්න බෑ වගේ ම ආදරයයි වෛරයයි අතර තියෙන්කෙස් ගසදුරත් බව මේ වගේ තීරණ ගන්න වේලාවට චුට්ටක් මතක් කළොත් අනාගතේදී ගොඩාක් ප‍්‍රයොජනවත් වෙයි.




නොකි 

නුඹේ

පෙම්කව

දන්නවද නුඹ
මලක් වු නිසා මම
ගයමින් පෙම් ගී
බඹරුන් වටවේ නිතර
යදිමින් මා හද
ඒත්
දින මාස අවුරුදු
ගෙවි යනු නොදැක
නොහැක සිටිනට
තවත් නම් මට
ලය පැලී මියදේවී විටෙක
නොයෙක බඹරුන් විත් වට
නැටුවද අන`ග රැගුමන් රැස
නොපෙනේ ඒ කිසිත් මට
`ගබලා ඉන්නේ මේ ඇස් දෙක
නොකි නුඹේ පෙම්කව
අරන් කොහිසිට
එනතෙක්ම නුඹ 

Saturday, May 27, 2017


වැසි දෙවියනි! කමා කරන්න



සැ`ගව හි`ද නුඹ කොහිදෝ
රත් ව අප හ`ඩන හැටි
බලාගෙන ඉන්න ඇති
නිසැකව ම
අද එයි ද හෙට එයි ද නුඹ
සිත සිතා සැමදින
`ගිලි ගැන්නා නොවේ ද අප
ඉවසලා ඉවසලා ඉන්නට බැරි ම තැන
නුඹට බැන ව`දින්නට
නැමුණා හරි අපුරුවට
අපේ දිවවල්
නුඹට කළ සරදමට
අනේ!...
අමනාප වුණාද අප සම`
ඒ කියු හැමදේට
දුන්නු මේ `ඩුවම නම්
බරවැඩි අපට
පරදලා හෙණහ`
`ගන විලාප
ඇයි?
දුටුවේ නැති ද
ගංදියත් පරදවා ගලන ඒ කදුළු ග`
ඉතින්! දැන්වත්
වැසි දෙවියනි! 
කමා කරනු මැන


පියාදර වස්සානය



ඔබ නැතුව

මේ පාලූ මහ පොළොව

ඉරිතලලා හතරවට

මට ඇහුණා අප්පච්චි

හොර රහසේ හඩන හඩ

බලන් හිස් කුඹුර දෙස

   පියාදර වස්සානය

හැකිනම් නුඹට

     එකම එක දවසකට

    අනේ !

      මෙහෙ ඇවිත් යන්න


නොදල්වන්න ගිනිදැල්


කිමිදෙන්න සිතුවිල්ලක
විමසන්න කියවා බලා
හදවතින් නොව බුද්ධියෙන්,

තිඹිරිගෙය දෙවනත් කළ
                                                       හැඩුම් හඩ පමණක් ම ගෙන
                                                         මෙලොවට පැමිණි නුඹ
රැගෙන ආවා ද යමක්

හඩවා හිත සැවම
නික්ම යනදා ලොවින්
ගෙන යාද කිසිත්

ඉතින් ! 
කුමට වෙහෙසනුද?

රැකගන්නට
නුඹට හිමි නැති දෙයක්

නොදල්වන්න ගිනිදැල්
දමා ජාතිවාදය
 මනුසත් හදට

දැවී දැවී යයි දිනක
නුඹ මෙන් ම මුළු ලොවක්

මොණර,හංස තුඩු ළඟ......

රටාවට හැඩ දමපු  අපුරු ඉතිහාස කතා  ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා  ලොව පැරණි වෘත්...