හෙලා දහඩිය
කදුළු වැල්
කළ ද මා
ගෙත්තම්
නොවසා
මොහොතකුදු නෙතුපියන්
ඇන්දේ රූ
සිත්තම්
සිනාසී කදුළු
කැට
කළත් මට
ඔච්චම්
නවතලනු බෑ
අකීකරු වු සිතේ රූ මායම්
දිනෙන් දින දළුලලා වැඩෙන
මේ ස්නේහයත් මනරම්
පැය දින මාස
අවුරුදු
ගලා ගොස් රහසේ
නුඹ නොදත්තට
තනිව මා හද
ආලයේ ගස වැඩි
සැනෙකින්
පිපී මල්බර වේ
ඒමල් සුවඳට නුඹේ හදගැබ
සුමුදු වු
සැටියේ
ඒද මතුදා මා
දකින්නට
නොදනී
මියුලැසියේ

No comments:
Post a Comment