වැසි දෙවියනි! කමා කරන්න
සැ`ගව හි`ද නුඹ කොහිදෝ
රත් ව අප හ`ඩන හැටි
බලාගෙන ඉන්න ඇති
නිසැකව ම
අද එයි ද හෙට එයි ද නුඹ
සිත සිතා සැමදින
ඇ`ගිලි ගැන්නා නොවේ ද අප
ඉවසලා ඉවසලා ඉන්නට බැරි ම තැන
නුඹට බැන ව`දින්නට
නැමුණා හරි අපුරුවට
අපේ දිවවල්
නුඹට කළ සරදමට
අනේ!...
අමනාප වුණාද අප සම`ග
ඒ කියු හැමදේට
දුන්නු මේ ද`ඩුවම නම්
බරවැඩි අපට
පරදලා හෙණහ`ඩ
න`ගන විලාප
ඇයි?
දුටුවේ නැති ද
ගංදියත් පරදවා ගලන ඒ කදුළු ග`ග
ඉතින්! දැන්වත්
වැසි දෙවියනි!
කමා කරනු මැන

No comments:
Post a Comment