Thursday, July 27, 2017

තාරුණ්‍යය කොයිබටද?



විටක සිනාබර වන ඔබ විටක හැ`ගුම්බරය. තවත් මොහොතක ආදරයෙන් මුසපත් වනු ඇත. වෙනස්වන ලෝකයේ ඔබ ද මම ද කොටස්කරුවන්ය. ඒ වෙනසට කිසිවිටෙක දෙස් දෙවොල් තැබිය නොහැකිය. එහෙත් ජීවිතයක ගමනාන්තය වෙනස්කිරිමට අපට හැකි ය. අපේ අතීතය වර්තමානය ගොඩනැ`ගු පරිදිම ගෙවෙන වත්මන නුදුරු අනාගතය තීරණය කිරිම එයට හේතුවයි. පුංචි සන්දියේ සිටම මහ ලොකු මිනිසෙකු වන සැටි පවසන්නට කුඩා ළමුන් කැමැතිය. ඔවුන් එදවස පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් ඇ`ගිලි ගනිති. එහි පුදුමයක්ද නැත. පුංචි ළමුන්ට වගකිම්,යුතුකම් නොවැටහීම ඊට හේතු වේ. එහෙත් තුරුණු බව ලැබු පසුව තරුණයන් බියෙන් තැති ගනිති. ද`ගකාර,හැඩකාර,කටකාරකම් අතරට වගකිම්,යුතුකම් එකතු වී ඇත. තුරුණු වියේ එළිපත්තට පැමිණි විගසම දිනෙන් දින වයස්ගතවන වගද දැනෙනු ඇත. තමා වෙනුවෙන් මෙන් ම තම සමීපතමයන් වෙනුවෙන් සිදුකිරිමට දහසකුත් දෑ ඔවුන් සතුවේ. එහෙත් යා යුතු මාවත පැහැදිලි නැත. එලෙස පැහැදිලිව ඇත්නම් ඒ අල්ප දෙනෙකුට පමණි. 

සැබැවින්ම ජීවිතයේ ඉතිරි කාලය ගෙවනුයේ කෙසේදැයි තීරණය වනුයේ මෙම කාලය ගෙවන අයුරු මතය. ලංකාවේ අධ්‍යාපන රටාව අනුව වයස 19දී උසස්පෙළ අවසන් කර සරසවියට යන්නේ නම් අවුරුදු 26දී පමණ සමාජයට පිවිසිය හැකි ය. සරසවියට ඇතුළත් නොවුයේ නම් යම් රැකියාවක හෝ වෘත්තිය පාඨමාලාවක නිරතවිය හැකි ය. තරුණියක නම් වයස 30 ලබන්නට ප‍්‍රථමයෙන් මනාලියක විය යුතුය. සමාජයෙන් පැවරුණ මෙවන් දහසකුත් සීමාකිරිම් සම`ගින් තරුණ තරුණියන් ඔවුන්ගේ අනාගතය සොයා යා යුතුය. සැබැවින්ම එය දැලි පිහියෙන් කිරි කෑම වැනි ක‍්‍රියාවකි. ඔවුන් රසවත් වුවත් බොහෝ අසීරු කාර්යයක තාරුණ්‍යය නිරත වේ. එහෙත් වඩාත් භායානක වනුයේ සමස්ථ රටක ඉරණම එහි ලියැවී ඇති බැවිනි. තාරුණ්‍යය කොයිබටදැයි සෙවිමට ප‍්‍රථම ඔවුනට යාමට මාවතක් තැනිය යුතු නොවේදැයි කිසිවෙකු කල්පනා නොකිරිම අභාග්‍යයකි. නුතන තරුණ පරපුර උදෙසා වැරදි දෘෂ්ථීකෝණයෙන් අවලාද න`ගනවුන් ඔවුනට නිවැරදි මාවත පෙන්වන්නේ නැත. අප රටට යම් තැනක වරදක් සිදුව ඇත. එහෙත් ඒ වරද වු තැන සෙවිමට මේ කාලය නොවේ. ඊට කාලය මිඩංගු කිරිම මුග්ධ කාර්යයකි. වඩා වැදගත් වනුයේ තිබෙන දෙය රැක ගැනීමය. ගිය හකුරට නා`ඩා තියෙන හකුර රැකගන්න යැයි මිතුන්මිත්තන් පැවසුවේ එබැවිනි.

රටක ඉදිරිගමන තීරණය කෙරෙන මුලිකම අවිය අධ්‍යාපනයයි. රටක් තැනෙන්නේද වැනසෙන්නේද අධ්‍යාපනයෙන් ලබන ප‍්‍රතිඑල මතය. මේස,පුටු, විශාල පංති කාමර ඇතුලූ භෞතික සම්පත් අධ්‍යාපනය නොවේ. යමෙකුට නිසිලෙස ජීවත් වන්නට ඉගැන්වෙන්නේ නම් අධ්‍යාපනය යනු එයයි. ඇතැම්විට අකුරු කිසිත් නොදන්න මිනිසුන් සතුටින් ජීවත් වනු දක්නට ලැබේ. මෙය පවතින අධ්‍යාපනයට ගැරහුමක් නොවේ. එහෙත් තවදුරටත් අ`ද,ගොලූ බිහිරන් සේ සිටිමෙන් කිසිවෙකුට පලක් නැත. සමස්ථ ජනයා ආවරණය වන පරිදි විවෘත සංවාදයක් ඇතිකළ යුතුය. රටේ බුද්ධිමතුන් යැයි පිළිගන්නා පිරිසට මෙන්ම කෙත,බත,කමත හුරු ගොවින්ටද සංවේදී ලෙස එය ඇරඹිය යුතුය. අප ලෝකයේ කුමන ක‍්‍රමයක් ගෙන මෙරට අනුගමනය කළද තවමත් ලංකාවට අනන්‍ය වු කුමක්දෝ හැඩයක්,ස්වරූපයක් ඇතිබව අමතක නොකළ යුතුය. කෙනෙකු මෙය සංස්කෘතිය යැයි වරදවා වටහාගන්නට පුලූවන. එනමුත් සංස්කෘතිය යැයි වෙන්කර හදුනාගන්නට දෙයක් රටතුළ දැනට ඉතිරිව නැත. ඇත්නම් ඒ මාධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශනය කරනු ලබන සංස්කෘතිය පමණි. මිනිසුන් සිතන අයුරු තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. පෙර ස`දහන් කළ හැඩය සැ`ගව ඇත්තේ මිනිස් සිතුවිලි තුළය. එය තේරුම්ගැනීමට කොළොම්තොට සිට නොහැකිය. මිනිසුන් සම`ග ගැටෙමින්,හැපෙමින් ඔවුන්ගේ සිතුවිලි හ`දුනා ගත යුතුය. රටට අවශ්‍යය තාරුණ්‍යය නිර්මාණය වන්නේ එවිටය. උ`දු වැපුරු විට උ`දු ලැබෙන්නා සේ වැපුරු තරමට අස්වනු ලැබේ. අධ්‍යාපනයද එසේමය. අද වපුරන දෙයෙහි ඵලය නුදුරු අනාගතයේ ලැබෙනු ඇත. රටක ජීවනාලිය තරුණයන් බැවින් ඔවුනගේ ගමන්ම`ග සුරක්ෂිත කිරිමෙන් රටක් ඉබේම ගොඩනැගෙනු ඇත. ජනයා සම`ගම සිට හ`දුනාගත් අධ්‍යාපන රටාවක් රටට අනන්‍ය ලෙස සැකසිම අවශ්‍යය. රටට යහපත් වෛද්‍යවරු,ගුරුවරු පමණක් නොව යහපත් ගොවින්ද වඩු මහතුන්ද ඇවැසිය. අධ්‍යාපනය සැකසිය යුත්තේ ඒ සියලූ දෙනාම උදෙසාය. මෙයට නිදසුන් සොයන්නට ලෝකයට යා යුතු නැත. ශ්‍රී ලංකාවේද අතීතයේ මැහුම් පාසල්,වඩු පාසල් තිබි ඇත. එවායින් බිහි වු නිර්මාණ කරුවන් අදද ප‍්‍රචලිතය. සමබර අධ්‍යාපන රටාවක් යනු එලෙස සැකසුණ අධ්‍යාපනයකි. මින් අදහස් කරනුයේ අක්ෂර ඥානය ලබා නොදීය යුතු බව නොවේ. ඇතැම් අවස්ථාවලදී සරසවි ඉංජීනේරු විද්‍යාර්ථියකුට වඩා හො`දින් ගණිතය හසුරුවන වඩු මහතුන් ගම්වල සිටිති. ඔවුන් එය ලැබුයේ පංති කාමරයෙන් නොව භාවිත ඥානයෙනි. එබැවින් මෙරට අධ්‍යාපන රටාවද ප‍්‍රයෝගික විය යුතුය. මතකය පිරික්සන නුතන විභාග පදනම් අධ්‍යාපන ක‍්‍රමයෙන් රටට ඉතිරි වන්නේ රෝගීන් පිරිසකි. දිවා ? වෙහෙසි නිදිමරමින් විභාගය ලියන දරුවන් විභාග සමත් වුවද ඔවුන් ජීවිතයට ලැබු දෙයක් නැත. දැඩි වෙහෙස,අධික ස්ථුලතාවය,මන්ද පෝෂණය,හෘද රෝග නුතන තාරුණ්‍යය අතර පැතිර ඇත්තේ එබැවිනි. පෙරපාසල් අවදියේ සිටම ළමුන් ඔවුන්ගේ දක්ෂතා අනුව හදුනාගත් ක්ෂේත‍්‍ර ඔස්සේ ඉදිරි අධ්‍යාපනය ලබාදිය යුතුය. එය කලා,වානිජ,විද්‍යා යනාදි ලෙස පමණක් නොව ගොවි,වඩු නිර්මාණ,මෝටර් කාර්මික,පරිගණක,නව නිපැයුම් යනාදි පෘථුල ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ පැතිර යා යුතුය.

එසේම තාරුණ්‍යය වියපත් වනතෙක් අධ්‍යාපනය ලැබිමට ඇවැසි නැත. නුතන මිනිසා බෙහෙවින් බුද්ධිමත්ය. තුරුණු බව වියැකෙන තෙක් රටට මෙන්ම නිවසට බරක් වී සිටින තරුණයන් ඉන්පසු රැකියාවල නිරත වේ. එවිට ඔවුන් අලස වී හමාරය. මෙවන් අලස පිරිසක් සම`ග රටක් දියුණුව කරා යා හැකිද? එබැවින් අවම වශයෙන් ලංකාවේ අධ්‍යාපන රටාව වයස අවුරුදු 04න් ආරම්භව වයස 16න් පමණ අවසන් විය යුතුය. ලෝක සම්මතය අනුව අවුරුදු 18න් පසු ළමයින් තරුණයන් ලෙස පිළිගැනේ. මෙරට අවුරුදු 26 පමණ වනතෙක් මහපොළ වැනි ශිෂ්‍යත්ව දෙමින් අධ්‍යාපනය ලබා දේ. සැබැවින් ම එය විහිලූවකි. වයස 18න් පසු රැකියාවක නිරත වන අතරවාරයේ උසස් අධ්‍යාපනය ලැබිමට අවස්ථාව ලබා දිය හැකි ය. වත්මන් සරසවි ශිෂ්‍යයන් හට පැමිණිම අනිවාර්යය කර ඇති බැවින් එසේ අර්ධකාලීන රැකියා  කිරිම අපහසුය. නිසි ඉදිරි දැක්මක් සහිතව ඉගෙනුම් ක‍්‍රියාවලිය හැඩගැස්සවීමෙන් රැකියා ගැටලූවක් ඇති නොවෙනු ඇත.

සියල්ල මෙලෙස සිදු වුවද ආකල්පමය වෙනසකින් තොරව කිසිදු කාර්යයකින් එලක් නැත. සියලූ වෘත්තීන් උදෙසා යම් ගරුත්වයක් ඇතිකළ යුතුය. එය එක් දිනකින් දෙකකින් නිමකිරිමට නොහැකිය. එහෙත් යම් දිනෙක මෙම ක‍්‍රියාවලිය ඇරඹුහොත් එදින සිට කාලයක් ඇවෑමෙන් නිසි ප‍්‍රතිඵල ලැබෙනු ඇත. ඇතැම්විට වසර විස්සක්,තිහක් වුවද ගතවීමට පුලූවන. එහෙත් ඉන් ඉදිරියට ලෝකය ඉදිරියේ ලංකාවට අනන්‍යතාවයක් ගොඩනැගෙනු ඇත. මිනිසුන් යම් ක‍්‍රමයකට හුරුකිරිම ඉතා අපහසුය. එහෙත් හුරු වු පසුව එය පුරුද්දක් වනු ඇත. පරිශ‍්‍රමයක් දැරිය යුත්තේ යමක් ඇරැඹිමට පමණි. එවිට තෘප්තිමත් නොවීමෙන් අරගල කරමින් වියැකෙන තාරුණ්‍යයට අරමුණක් ලැබෙනු ඇත. නිසි අරමුණක් ජීවිතයට ඇතිවිට ඔවුන් ඒ ඔස්සේ ලූහුබ`දි. එවිට නිකරුණේ ගතකරන්නට කාලයක් ඔවුනට නැත. අවසන තාරුණ්‍යය මෙන්ම රටම තෘප්තිමත් වනු ඇත.


මියුලැසියේ




හෙලා දහඩිය කදුළු වැල්

කළ ද මා ගෙත්තම්

නොවසා මොහොතකුදු නෙතුපියන්

ඇන්දේ රූ සිත්තම්

සිනාසී කදුළු කැට

කළත් මට ඔච්චම්

නවතලනු බෑ 

අකීකරු වු සිතේ රූ මායම්

දිනෙන් දින දළුලලා වැඩෙන

මේ  ස්නේහයත්  මනරම්

පැය දින මාස අවුරුදු

ගලා ගොස් රහසේ

නුඹ නොදත්තට තනිව මා හද

ආලයේ ගස වැඩි සැනෙකින්

පිපී මල්බර වේ

ඒමල් සුවට නුඹේ හදගැබ

සුමුදු වු සැටියේ

ඒද මතුදා මා දකින්නට

නොදනී මියුලැසියේ

රළු පපුව යට





 සිතින් සිතුවට මිනුම් ගනු බැරි 

පෙනෙන නොපෙනෙන ආදරේ

සඟවාන ඔය සිත් ගැබේ

එක්කළොත් මහා සයුර පරදන 

කදුළු පිරිලා ඇති නෙතේ

දරුණු දරදඩු රළු පපුව යට 

සිරකරන් නුඹ දරු සෙනේ  

නුඹ නොදුටු ලොව තනන්නට මට

නිදි නොදකී ඇස් හාමතේ 



Wednesday, July 26, 2017

හරි පුදුම සල්ලි පොදි
















තිබුණාම අගේ නැති


නැති විටදී අගේ ඇති  

                                            
සියලු දන කරන් ගැති


හරි පුදුම සල්ලි පොදි

සිත්තමකි නුඹ



මහද මත රැදී 
 සිත්තමකි නුඹ
පාට තැවරූ
 නෙක වර්ණ එක්කර
ලොවම හැඩ ගැන්වූ 





Tuesday, July 25, 2017

පිනි බිදුවක් වග




අමතක ව පිනි බිදුවක් වග 

පුංචි මල් පෙත්තක හිද  

සිනාසුණා ඔබත් එක්ක

දිලිසි දිලිසි උජාරුවට 

ඈත එන හිරු නොදැක

Sunday, July 23, 2017

පිටියට නොව හදවතට - දෙවැනි ඉනිම



ආදරය,විරහව,දුක,සතුට එකට එක්තැන් කළ අපුරු ටෙලි සිත්තමකි, දෙවැනි ඉනිම. එය සමන් එදිරිමුණියන්ගේ අතින් ලියැවී රූපයට නැගුණක්. මෙය තාක්ෂණික නිර්මාණයක් බැවින් යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. එබැවින් මෙම සටහන දෙවැනි ඉනිමට කළ  ගුණ වරුණාවක් ලෙස වටහා නොගත යුතුයි. වඩා වැදගත් වන්නේ නිර්මාණයේ සාරය හසුකර ගැනීමයි. 

සොදුරු පාසල් වියේ, නිමක් නැති දඟකාරකම් ටෙලි නාට්‍යයේ ජිවය කිව්වොත් කිසිදු වරදක් නැහැ. ටෙලියේ ඉතිහාසය බැලුවොත් දඟකාරකමට එක්වු බොලඳ ආදර කතාවක, රිදුම් දෙන නටබුන් ඔබට හමුවනු ඇති. අතීතයත් වර්තමානයත් එක්කරන්නේ අනුහස්. කතාවේ කතා නායක ඔහුයි. රිදුමත්, සතුටක් කරගනිමින් නටබුන් මතින් ගොඩනැගෙන තරුණයෙක්.  ඔහු අතීතය, වත්මන පමණක් නොව නොවිසඳුණ අනාගතයේද ඉරණමයි. 

මිනිසුන් ජීවත්වීමට කරන්නේ අරගලයකි. ලෝකයත්, තමන්ගේ හදවත සමඟත් නිරතුරුව අරගල කෙරේ. ලොව නන් දෙසින් නැගෙන අවලාද,නින්දා,ප්‍රශංසා ඉදිරියේ  දිරියෙන් නැගිටීමට මහත් ශක්තියක් උවමනාය. ඇස් මානයේ රැදුණ ජිවන අරගලය එතරම් කරදරකාරීම නැතැයි මට හැගේ. ඒ අපේ ඇසට එකී බාධාවන් හසුවන බැවිණි. නොඑසේනම් සවනට වැටෙන බැවිණි. එහෙත් නොපෙනෙන,නොඇසෙන හදවතේ අරගලයට පිලියමක් නැත. කෑමට ආහාර ටිකක්, බීමට ජල බිඳක් නොලද විගසම කෙනෙකු මියයන්නේ නැත. එහෙත් හදවතට ආහාර නොලැබුණහොත් ජිවත් වුවද මළවුන් මෙනි. 

යමෙකු මිය යන්නේ හදවත නැවතුණවිට නොවේ. හදවතින් සිතීම නතර කළ දිනය.  දෙවැනි ඉනිම ටෙලි සිත්තමෙන් සෙමින් සෙමින් අප සිතට කාන්දු කරවන්නේ මෙකී සත්‍යය නොවේද?

Saturday, July 22, 2017

නොමැරුණත් නුඹ...




විසල් වු ලෝකය තුළ
අඩක් පිරී ඇතිදු දිය 
පවසට දියබිඳක්
නොලද දින 
මියදේද නුඹ ?
ලැබූ දිය බිඳ ගෙන 
නොලැබ කුසට අහරක් 
ගෙවන දිනයක 
මියදේද නුඹ ?
නන් විසිතුරු පිරුණ ලොව 
අවැසි රිසි විසිතුරුව 
නොලැබූ සොවින් අද 
මියදේද  නුඹ ?
නොලද දින ඈ සියලු දන 
වැලපුණද හැපී හැපී තැන තැන 
තවම පණ ඇත නොමළ කඳ මත 
දිරි බලෙන් ඔද නොවැඩෙන හද 
පරවී වැටුණොත් නොමළ කඳ මත 
නොමැරුණත් නුඹ විසල් ලොව තුළ 
මැරුණ මිනිසෙකි 
ලොවට නොහැගෙන

පුදුම රහසකි නුඹ



දෙතොලගින් මුමුණන්න 
නොහැකිව සිරවුණ 
හදින් සිය දහස් වතාවක් 
මුමුණමින් ලතවන 
හරි පුදුම රහසකි නුඹ 

Sunday, July 16, 2017

මායා වළල්ල




තෙරක් නොපෙනෙන
අනන්ත වු විශ්වයේ 

පුංචි කුහුබු රෑනක් 
වැන්න ඔබ අප
තැනක රොක් වී  
නොපෙනෙනා හෙට දිනක් වෙනුවෙන් 
කලබලෙන් හැම තැනම දුවනා

වැසී දෙඇස් මායා වළල්ලෙන් 

ඊයේ අද මෙන් වේද හෙටටත්  
කාලයත් දැන්  උමතුවෙන්

ආදරය මිනිසත්කමත් 
පලා ගොස් ලය මතින්







Monday, July 3, 2017

අඬන්නේ නෑ මන්



පෙර දිනක මට 
ඇසුණා  
හඬන හඬ නුඹ 
නොලැබ 
පා සලබක් 
දන්නවද නුඹ 
අඬන්නේ නෑ මන් 
ඉල්ලමින් 
පා සලබක් 
නොලැබූ නිසාවෙන් 
මෙමට 
පා යුගලක් 


Sunday, July 2, 2017

දඟකාර ඇස්





මතක් කළවිට 
අමතක වුණ
අමතක කළවිට 
මතක් වෙන 
මට හොරෙන් මගේ හිත 
දුර ඈත අරන් ගිය 
සිනාසෙන ඇස් දෙකක් 
හ්ම් ... 
නෑ... 
දඟකාර ඇස් දෙකක් 


සසල දිය මැද - නොසෙලෙමින් හිඳ


මාවතක්, දිගු ගමනක් - නොපෙනේ එහි අවසනක්


මොණර,හංස තුඩු ළඟ......

රටාවට හැඩ දමපු  අපුරු ඉතිහාස කතා  ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා  ලොව පැරණි වෘත්...