විටක සිනාබර වන ඔබ විටක හැ`ගුම්බරය. තවත් මොහොතක ආදරයෙන් මුසපත් වනු ඇත. වෙනස්වන ලෝකයේ ඔබ ද මම ද
කොටස්කරුවන්ය. ඒ වෙනසට කිසිවිටෙක දෙස් දෙවොල් තැබිය නොහැකිය. එහෙත් ජීවිතයක
ගමනාන්තය වෙනස්කිරිමට අපට හැකි ය. අපේ අතීතය වර්තමානය ගොඩනැ`ගු පරිදිම ගෙවෙන වත්මන නුදුරු අනාගතය තීරණය කිරිම එයට හේතුවයි. පුංචි
සන්දියේ සිටම මහ ලොකු මිනිසෙකු වන සැටි පවසන්නට කුඩා ළමුන් කැමැතිය. ඔවුන් එදවස
පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් ඇ`ගිලි ගනිති.
එහි පුදුමයක්ද නැත. පුංචි ළමුන්ට වගකිම්,යුතුකම් නොවැටහීම ඊට හේතු වේ. එහෙත්
තුරුණු බව ලැබු පසුව තරුණයන් බියෙන් තැති ගනිති. ද`ගකාර,හැඩකාර,කටකාරකම් අතරට වගකිම්,යුතුකම් එකතු වී ඇත. තුරුණු වියේ
එළිපත්තට පැමිණි විගසම දිනෙන් දින වයස්ගතවන වගද දැනෙනු ඇත. තමා වෙනුවෙන් මෙන් ම තම
සමීපතමයන් වෙනුවෙන් සිදුකිරිමට දහසකුත් දෑ ඔවුන් සතුවේ. එහෙත් යා යුතු මාවත
පැහැදිලි නැත. එලෙස පැහැදිලිව ඇත්නම් ඒ අල්ප දෙනෙකුට පමණි.
සැබැවින්ම ජීවිතයේ
ඉතිරි කාලය ගෙවනුයේ කෙසේදැයි තීරණය වනුයේ මෙම කාලය ගෙවන අයුරු මතය. ලංකාවේ අධ්‍යාපන
රටාව අනුව වයස 19දී උසස්පෙළ අවසන් කර
සරසවියට යන්නේ නම් අවුරුදු 26දී පමණ සමාජයට
පිවිසිය හැකි ය. සරසවියට ඇතුළත් නොවුයේ නම් යම් රැකියාවක හෝ වෘත්තිය පාඨමාලාවක
නිරතවිය හැකි ය. තරුණියක නම් වයස 30 ලබන්නට ප‍්‍රථමයෙන් මනාලියක විය යුතුය. සමාජයෙන් පැවරුණ මෙවන් දහසකුත් සීමාකිරිම්
සම`ගින් තරුණ තරුණියන් ඔවුන්ගේ අනාගතය සොයා යා යුතුය. සැබැවින්ම එය දැලි
පිහියෙන් කිරි කෑම වැනි ක‍්‍රියාවකි. ඔවුන් රසවත් වුවත් බොහෝ අසීරු කාර්යයක තාරුණ්‍යය
නිරත වේ. එහෙත් වඩාත් භායානක වනුයේ සමස්ථ රටක ඉරණම එහි ලියැවී ඇති බැවිනි. තාරුණ්‍යය
කොයිබටදැයි සෙවිමට ප‍්‍රථම ඔවුනට යාමට මාවතක් තැනිය යුතු නොවේදැයි කිසිවෙකු කල්පනා
නොකිරිම අභාග්‍යයකි. නුතන තරුණ පරපුර උදෙසා වැරදි දෘෂ්ථීකෝණයෙන් අවලාද න`ගනවුන් ඔවුනට නිවැරදි මාවත පෙන්වන්නේ නැත. අප රටට යම් තැනක වරදක් සිදුව ඇත.
එහෙත් ඒ වරද වු තැන සෙවිමට මේ කාලය නොවේ. ඊට කාලය මිඩංගු කිරිම මුග්ධ කාර්යයකි.
වඩා වැදගත් වනුයේ තිබෙන දෙය රැක ගැනීමය. ගිය හකුරට නා`ඩා තියෙන හකුර රැකගන්න යැයි මිතුන්මිත්තන් පැවසුවේ එබැවිනි.
රටක ඉදිරිගමන තීරණය කෙරෙන මුලිකම අවිය අධ්‍යාපනයයි. රටක් තැනෙන්නේද වැනසෙන්නේද අධ්‍යාපනයෙන් ලබන ප‍්‍රතිඑල මතය. මේස,පුටු, විශාල පංති කාමර ඇතුලූ භෞතික සම්පත් අධ්‍යාපනය නොවේ. යමෙකුට නිසිලෙස ජීවත්
වන්නට ඉගැන්වෙන්නේ නම් අධ්‍යාපනය යනු එයයි. ඇතැම්විට අකුරු කිසිත් නොදන්න මිනිසුන්
සතුටින් ජීවත් වනු දක්නට ලැබේ. මෙය පවතින අධ්‍යාපනයට ගැරහුමක් නොවේ. එහෙත්
තවදුරටත් අ`ද,ගොලූ බිහිරන් සේ සිටිමෙන් කිසිවෙකුට පලක් නැත. සමස්ථ ජනයා ආවරණය වන පරිදි විවෘත
සංවාදයක් ඇතිකළ යුතුය. රටේ බුද්ධිමතුන් යැයි පිළිගන්නා පිරිසට මෙන්ම කෙත,බත,කමත
හුරු ගොවින්ටද සංවේදී ලෙස එය ඇරඹිය යුතුය. අප ලෝකයේ කුමන ක‍්‍රමයක් ගෙන මෙරට
අනුගමනය කළද තවමත් ලංකාවට අනන්‍ය වු කුමක්දෝ හැඩයක්,ස්වරූපයක් ඇතිබව අමතක නොකළ
යුතුය. කෙනෙකු මෙය සංස්කෘතිය යැයි වරදවා වටහාගන්නට පුලූවන. එනමුත් සංස්කෘතිය යැයි
වෙන්කර හදුනාගන්නට දෙයක් රටතුළ දැනට ඉතිරිව නැත. ඇත්නම් ඒ මාධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශනය
කරනු ලබන සංස්කෘතිය පමණි. මිනිසුන් සිතන අයුරු තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. පෙර ස`දහන් කළ හැඩය සැ`ගව ඇත්තේ
මිනිස් සිතුවිලි තුළය. එය තේරුම්ගැනීමට කොළොම්තොට සිට නොහැකිය. මිනිසුන් සම`ග ගැටෙමින්,හැපෙමින් ඔවුන්ගේ සිතුවිලි හ`දුනා ගත යුතුය. රටට අවශ්‍යය තාරුණ්‍යය නිර්මාණය වන්නේ එවිටය. උ`දු වැපුරු විට උ`දු ලැබෙන්නා සේ
වැපුරු තරමට අස්වනු ලැබේ. අධ්‍යාපනයද එසේමය. අද වපුරන දෙයෙහි ඵලය නුදුරු අනාගතයේ
ලැබෙනු ඇත. රටක ජීවනාලිය තරුණයන් බැවින් ඔවුනගේ ගමන්ම`ග සුරක්ෂිත කිරිමෙන් රටක් ඉබේම ගොඩනැගෙනු ඇත. ජනයා සම`ගම සිට හ`දුනාගත් අධ්‍යාපන
රටාවක් රටට අනන්‍ය ලෙස සැකසිම අවශ්‍යය. රටට යහපත් වෛද්‍යවරු,ගුරුවරු පමණක් නොව
යහපත් ගොවින්ද වඩු මහතුන්ද ඇවැසිය. අධ්‍යාපනය සැකසිය යුත්තේ ඒ සියලූ දෙනාම උදෙසාය.
මෙයට නිදසුන් සොයන්නට ලෝකයට යා යුතු නැත. ශ්‍රී ලංකාවේද අතීතයේ මැහුම් පාසල්,වඩු
පාසල් තිබි ඇත. එවායින් බිහි වු නිර්මාණ කරුවන් අදද ප‍්‍රචලිතය. සමබර අධ්‍යාපන
රටාවක් යනු එලෙස සැකසුණ
අධ්‍යාපනයකි. මින් අදහස් කරනුයේ අක්ෂර ඥානය ලබා නොදීය යුතු බව නොවේ. ඇතැම්
අවස්ථාවලදී සරසවි ඉංජීනේරු විද්‍යාර්ථියකුට වඩා හො`දින් ගණිතය හසුරුවන වඩු මහතුන් ගම්වල සිටිති. ඔවුන් එය ලැබුයේ පංති
කාමරයෙන් නොව භාවිත ඥානයෙනි. එබැවින් මෙරට අධ්‍යාපන රටාවද ප‍්‍රයෝගික විය යුතුය.
මතකය පිරික්සන නුතන විභාග පදනම් අධ්‍යාපන ක‍්‍රමයෙන් රටට ඉතිරි වන්නේ රෝගීන්
පිරිසකි. දිවා ? වෙහෙසි නිදිමරමින්
විභාගය ලියන දරුවන් විභාග සමත් වුවද ඔවුන් ජීවිතයට ලැබු දෙයක් නැත. දැඩි වෙහෙස,අධික
ස්ථුලතාවය,මන්ද පෝෂණය,හෘද රෝග නුතන තාරුණ්‍යය අතර පැතිර ඇත්තේ එබැවිනි. පෙරපාසල්
අවදියේ සිටම ළමුන් ඔවුන්ගේ දක්ෂතා අනුව හදුනාගත් ක්ෂේත‍්‍ර ඔස්සේ ඉදිරි අධ්‍යාපනය
ලබාදිය යුතුය. එය කලා,වානිජ,විද්‍යා යනාදි ලෙස පමණක් නොව ගොවි,වඩු නිර්මාණ,මෝටර්
කාර්මික,පරිගණක,නව නිපැයුම් යනාදි පෘථුල ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ පැතිර යා යුතුය.
එසේම තාරුණ්‍යය වියපත් වනතෙක් අධ්‍යාපනය ලැබිමට ඇවැසි නැත. නුතන මිනිසා
බෙහෙවින් බුද්ධිමත්ය. තුරුණු බව වියැකෙන තෙක් රටට මෙන්ම නිවසට බරක් වී සිටින
තරුණයන් ඉන්පසු රැකියාවල නිරත වේ. එවිට ඔවුන් අලස වී හමාරය. මෙවන් අලස පිරිසක් සම`ග රටක් දියුණුව කරා යා හැකිද? එබැවින් අවම වශයෙන් ලංකාවේ අධ්‍යාපන රටාව වයස අවුරුදු 04න් ආරම්භව වයස 16න් පමණ අවසන්
විය යුතුය. ලෝක සම්මතය අනුව අවුරුදු 18න් පසු ළමයින් තරුණයන් ලෙස පිළිගැනේ. මෙරට අවුරුදු 26 පමණ වනතෙක් මහපොළ වැනි ශිෂ්‍යත්ව දෙමින් අධ්‍යාපනය ලබා දේ. සැබැවින් ම එය
විහිලූවකි. වයස 18න් පසු රැකියාවක
නිරත වන අතරවාරයේ උසස් අධ්‍යාපනය ලැබිමට අවස්ථාව ලබා දිය හැකි ය. වත්මන් සරසවි
ශිෂ්‍යයන් හට පැමිණිම අනිවාර්යය කර ඇති බැවින් එසේ අර්ධකාලීන රැකියා කිරිම අපහසුය. නිසි ඉදිරි දැක්මක් සහිතව ඉගෙනුම්
ක‍්‍රියාවලිය හැඩගැස්සවීමෙන් රැකියා ගැටලූවක් ඇති නොවෙනු ඇත.
සියල්ල මෙලෙස සිදු වුවද ආකල්පමය වෙනසකින් තොරව කිසිදු කාර්යයකින් එලක් නැත.
සියලූ වෘත්තීන් උදෙසා යම් ගරුත්වයක් ඇතිකළ යුතුය. එය එක් දිනකින් දෙකකින්
නිමකිරිමට නොහැකිය. එහෙත් යම් දිනෙක මෙම ක‍්‍රියාවලිය ඇරඹුහොත් එදින සිට කාලයක්
ඇවෑමෙන් නිසි ප‍්‍රතිඵල ලැබෙනු ඇත. ඇතැම්විට වසර විස්සක්,තිහක් වුවද ගතවීමට
පුලූවන. එහෙත් ඉන් ඉදිරියට ලෝකය ඉදිරියේ ලංකාවට අනන්‍යතාවයක් ගොඩනැගෙනු ඇත.
මිනිසුන් යම් ක‍්‍රමයකට හුරුකිරිම ඉතා අපහසුය. එහෙත් හුරු වු පසුව එය පුරුද්දක්
වනු ඇත. පරිශ‍්‍රමයක් දැරිය යුත්තේ යමක් ඇරැඹිමට පමණි. එවිට තෘප්තිමත් නොවීමෙන්
අරගල කරමින් වියැකෙන තාරුණ්‍යයට අරමුණක් ලැබෙනු ඇත. නිසි අරමුණක් ජීවිතයට ඇතිවිට
ඔවුන් ඒ ඔස්සේ ලූහුබ`දි. එවිට
නිකරුණේ ගතකරන්නට කාලයක් ඔවුනට නැත. අවසන තාරුණ්‍යය මෙන්ම රටම තෘප්තිමත් වනු ඇත.














