රකින බීජුවට කිරිල්ලක මෙන්
රකී මහදන නිදි වරා
උලා වත්සුණු සුවඳ තවරා
සනසාවී කය සතපවා
ඇසින් දැකි රුව හදේ විලමැද
ගසා දියබුන් රඟ සොබා
නිමක් නැති වී සිහින මල් ගෙන
ස්වප්න විජිතේ තනිවෙලා
ඉදිති නිසලව කිසිත් නොම සේ
සිතේ පැතුමන් පීදිලා
නිමක් නැති ඒ පැතුම් අතරින්
රහසේ යයි නුඹ පියඹලා
කාල මිත්‍රය අසන් මා සිත
දිරිය ගෙන දැන් නැගිටලා
නුඹට හසු වු කිසිත් නැති වග
දනිමි මම දැන් සැනසිලා

No comments:
Post a Comment