මී පැණි, නම ඇසු පමණින්ම කෑමට ආසාව
ඇතිකරන ආහාරයකි. බොහොම ගුණදායක ඖෂධයකි. මී පැණි සහ මිනිසා අතර සබදතාවය මානව
ඉතිහාසයේ මුල සිටම පැවත එන්නකි. ආදී ගල්යුගයේ සිටම මිනිසා මී පැණි කෑමට පුරුදුව
සිටි බවට සාධක හමුව තිබේ. මී කැඩීම ලංකාවේ පමණක් සිදුකරන්නක් නොවේ. ලෝකයේ විවිධ
ජනයා තම ජීවිකාව නැතිනම් රැකියාව ලෙස මී කැඩීම සිදුකරනු ලැබේ. නේපාලයේ මී පැණි කඩන්නන්
ඉන් සුවිශේෂීය. ඒ මී කැඩීමට ඔවුන් භාවිත කරන භයානක ක්‍රමවේදයක් නිසාවෙනි.
නේපාලයේ වෙසෙන හිමාලයානු මී මැස්සා ලොව විශාලම මී මැස්සා ලෙස කියැවේ. ඔවුන්
සෙන්ටිමීටර් 03ක් පමණ විශාලය. මෙම මීවද වලට චීනය,කොරියාව,ජපානය වැනි රට වලින් ඉහළ ඉල්ලූමක් ඇත.
ඔවුන් සෑම වසරකටම දෙවතාවක් මී කැඩීමට වනගත වේ. ඒ සදහා යොදා
ගන්නේ තම මිතුමිත්තන්ගේ ක්‍රමවේදයන්ය. අතින් වියන ලද ලණු ඉනිමන්, දිගු උණබට
වැනි මී කැඩීමට යොදා ගනී. අඩි සිය ගණනක් ඉහල සිට ලණු ඉනිමන් බැඳ ඊට පහළින් විශාල
කුඩයක් එල්ලනු ලැබේ. ඉන්පසු දිගු උණබටයකින් මී කැඩීම සිදු කෙරේ. එය ජීවිතයත් මරණයත්
අතර සටනකි. එහෙත් ඔවුන් ඉතා කැමැත්තෙන් තම
රැකියාව සිදු කරයි.
මී වද දඩයමට පැරණි ඉතිහාසයක් ඇත. ස්පාඤ්ඤයේ ගල් ගුහාවකින් මිට වසර 8000කට
පෙර මී කඩන අයුරු දැක්වෙන චිත්‍ර කිහිපයක්ද හමුවී තිබිණ. මෙම චිත්‍ර ලෝකයේ විවිධ
රටවල මී කැඩීම කළ බවට සාක්ෂියකි.නේපාලයේ මී පැණි කඩන්නන්ගේ ජීවිතයෙන් උගත හැකි පාඩම් රැසකි. ඒ උත්සාහයෙන්
ඕනෑම අපහසු කාර්යක් කළ හැකි බවය.

No comments:
Post a Comment