Sunday, July 23, 2017

පිටියට නොව හදවතට - දෙවැනි ඉනිම



ආදරය,විරහව,දුක,සතුට එකට එක්තැන් කළ අපුරු ටෙලි සිත්තමකි, දෙවැනි ඉනිම. එය සමන් එදිරිමුණියන්ගේ අතින් ලියැවී රූපයට නැගුණක්. මෙය තාක්ෂණික නිර්මාණයක් බැවින් යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. එබැවින් මෙම සටහන දෙවැනි ඉනිමට කළ  ගුණ වරුණාවක් ලෙස වටහා නොගත යුතුයි. වඩා වැදගත් වන්නේ නිර්මාණයේ සාරය හසුකර ගැනීමයි. 

සොදුරු පාසල් වියේ, නිමක් නැති දඟකාරකම් ටෙලි නාට්‍යයේ ජිවය කිව්වොත් කිසිදු වරදක් නැහැ. ටෙලියේ ඉතිහාසය බැලුවොත් දඟකාරකමට එක්වු බොලඳ ආදර කතාවක, රිදුම් දෙන නටබුන් ඔබට හමුවනු ඇති. අතීතයත් වර්තමානයත් එක්කරන්නේ අනුහස්. කතාවේ කතා නායක ඔහුයි. රිදුමත්, සතුටක් කරගනිමින් නටබුන් මතින් ගොඩනැගෙන තරුණයෙක්.  ඔහු අතීතය, වත්මන පමණක් නොව නොවිසඳුණ අනාගතයේද ඉරණමයි. 

මිනිසුන් ජීවත්වීමට කරන්නේ අරගලයකි. ලෝකයත්, තමන්ගේ හදවත සමඟත් නිරතුරුව අරගල කෙරේ. ලොව නන් දෙසින් නැගෙන අවලාද,නින්දා,ප්‍රශංසා ඉදිරියේ  දිරියෙන් නැගිටීමට මහත් ශක්තියක් උවමනාය. ඇස් මානයේ රැදුණ ජිවන අරගලය එතරම් කරදරකාරීම නැතැයි මට හැගේ. ඒ අපේ ඇසට එකී බාධාවන් හසුවන බැවිණි. නොඑසේනම් සවනට වැටෙන බැවිණි. එහෙත් නොපෙනෙන,නොඇසෙන හදවතේ අරගලයට පිලියමක් නැත. කෑමට ආහාර ටිකක්, බීමට ජල බිඳක් නොලද විගසම කෙනෙකු මියයන්නේ නැත. එහෙත් හදවතට ආහාර නොලැබුණහොත් ජිවත් වුවද මළවුන් මෙනි. 

යමෙකු මිය යන්නේ හදවත නැවතුණවිට නොවේ. හදවතින් සිතීම නතර කළ දිනය.  දෙවැනි ඉනිම ටෙලි සිත්තමෙන් සෙමින් සෙමින් අප සිතට කාන්දු කරවන්නේ මෙකී සත්‍යය නොවේද?

No comments:

Post a Comment

මොණර,හංස තුඩු ළඟ......

රටාවට හැඩ දමපු  අපුරු ඉතිහාස කතා  ඔච්චමින් සරදමින් පහර දී බිම දමා එක්තරා ගැහැණියක ................... නම් කළා  ලොව පැරණි වෘත්...